Skip to main content

මරණ දඬුවම දිය යුතු ද?

මරණ දඬුවම දිය යුතු ද?

වැරදියට වටහා ගැනීම යන කරුණ අද මෙරට තුළ බොහෝ පිරිස්තුළ දක්නට ලැබෙන දුබලතාවයකි.

මේ හේතුව නිසා කියන දේ, කරන දේ හැම විටකදීම ඒ පුද්ගලයා කරන කියන අර්ථයෙන් නොව ඊට

හාත්පසින්ම වෙනස් අර්ථයකින් වටහා ගැනීමට බොහෝ පිරිස් යොමු වී සිටිති. අද සමාජයතුළ දිස්වන

බොහෝ ආවේගකාරී සිදුවීම්වලට අඩුවැඩි වශයෙන් හේතු වී ඇත්තේ මේ කරුණයි.කිසිදු හෙවිල්ලක්

බැලිල්ලක් නොමැතිව දැඩි ලෙස කෝප වී ආවේගශීලී වී කායිකව, වාචසිකව ප්‍රතික්‍රියා දැක්වීමට

පවා පෙළඹෙනුයේ මෙවැනි වාතාවරණයක් තුළදීය. මූලික සිදුවීම ඉතා සුලු සිදුවීමක් විය හැකිය.

සමහර විට සමාජය හෝ සෙසු පුද්ගලයන් කෙරෙහි එහි බලපෑම ඉතාම අවම විය හැකිය. නමුත්

වරදවා වටහා ගැනීම තුළ විශාල අහිතකර ප්‍රතිඵලයක් ඇති විය හැකි වන ලෙස ආවේගශීලි ප්‍රතිචාර

දැක්වීම ව්‍යාප්ත වී යයි. කෙනෙකු කරන කතාබහට මැනවින් සවන් යොමුකළ ඒ පුද්ගලයා කියන්නේ

කුමක්දැයි පළමු වටහා ගැනීම වැදගත්ය. එසේම යමෙකු කරන ක්‍රියාව දෙස මතුපිටින් නොව

චේතනාව අනුව විග්‍රහකර දැකීමට උත්සුකවීම ද වැදගත්ය. අපට පරචිත්ත විජානන ඥානය නැති

නිසා කෙනෙකුගේ චේතනාව නිසි අයුරින් දැකිය නොහැකි බව ඇත්තකි. නමුත් කෙනෙකුගේ චේතනාවේ

ස්වරූපය ඒ පුද්ගලයාගේ චර්යාව ඇසුරින් සූක්ෂම කිරාමැන බැලීමේ විචාරපූර්වක හැකියාවක් සමාජ

අත්දැකීම්, පැසුණු බුද්ධිය ඇසුරින් ඕනෑම අයෙකුට ලබාගතහැකිය.උගත්කම,ජීවිත පරිඥානයෙන්

තවදුරට වර්ධනය කළහැකිය.

දූෂණය, අපයෝජනය, අපචාරය, සාහසික අපරාධ ආදියට එකම විකල්පය ලෙස එබඳු පිරිස් අල්ලා මරා

දැමිය යුතු යැයි අද සමාජයේ ඇතැමෙකු එකහෙලා යෝජනා කරනුයේ ද මෙබඳු ආවේගශීලී ආකල්පවලින්

මුසපත්වය. එබඳු අපරාධ කරන්නන් අල්ලා ඒ ආකාරයට මරාදැමීමට නම් මෙබඳු නීති රීති, යුක්තිය

පසිඳලනු ලබන ආයතන ආදියට අදාළ නීතී ක්ෂේත්‍ර පිළිබඳ දැන උගත්,බුද්ධිමත් විද්වත් වෘත්තිකයන්

පත් කිරීමද අනවශ්‍ය දෙයක් වනු ඇත.රජයට ඊට වැයවන විශාල පිරිවැයද ඉතිරි කරගත හැකිය.මේ

පිරිස පවසන ආකාරයට නම් කොන්ත්‍රාත්ක්‍රමයට මිනීමරන පාතාලයන්හටම එම කාර්යය බාරදිය

හැකිවනු ඇත.විවිධ වර්ගයේ අධිකරණ,උසාවි,විනිසුරුවරුන්,නීතීඥයින් හා පොලිසියද එබඳු වෙනත්

ආයතන ද අනවශ්‍ය වනු ඇත.නීතී විද්‍යාල, විශ්වවිද්‍යාල ආයතනවලින් ආචාර්ය උපාධි බඳු ඉහළ

මට්ටමේ නීති දැනුමක් ඇති විද්වතුන් බිහි කිරීම මේ අනුව තවදුරටත් අනවශ්‍යවනු ඇත. සමාජය

ක්‍රමිකව සංවර්ධනය වේ.සමාජය ම්ලේච්ඡත්වයේ සිට උසස් සභ්‍යත්වයක් දක්වා පරිණාමය

වේ.අශිෂ්ට බවේ සිට ශිෂ්ටත්වය දක්වා විශාල කාලපරාසයක සිට මානව සමාජය දිගු දුරක් ගමන්

ගනිමින් තිබේ. දැන් එම ගමන ආපසු හැරවිය නොහැකිය. මානව සමාජය ශිෂ්ටසම්පන්න වීමට පෙර

වැරදිවලට ලබා දුන් දඩුවම් ක්‍රම අතිශය ම්ලේච්ඡ තුච්ඡ ස්වරූපයේ විය.ඇතැම් දෙනා රජකාලේ දඬුවම්

ලෙස හඳුන්වනු ලබන්නේද මෙබඳු දඬුවම් ක්‍රමයි. බුදුරදුන් ජීවමාන කාලයේදී ඉන්දියාව පාලනය කළ

රජවරුන් විසින් වැරදිකරුවන්ට ලබාදුන් මෙබඳු මරණීය දණ්ඩණ හා එබඳු බරපතල දඬුවම් වර්ග32 ක්

පිළිබඳ ත්‍රිපිටක බුද්ධ දේශනාතුළද සවිස්තරව දක්වා ඇත.

වර්තමානයේ සමාජය විශාල සංවර්ධනයක් අත්පත් කරගෙන ඇත.එය බාහිරව දැකිව හැකි භෞතික

සංවර්ධනයක් පමණක් නොව දැනුම,ආකල්ප හා කුසලතා වශයෙන්ද වූ සංවර්ධනයකි.මේ තුළ පෙරට

වඩා මිනිස් අයිතිසිවාසිකම් පිළිබදව උසස් පුඵල් දැක්මකින් යුතුව කටයුතු කිරීමට ලෝකයේ සෑම

රටක්ම පාහේ පෙළඹී ඇත.මේ හේතුව නිසා ලෝකයේ වැඩිම සංවර්ධනයක් අත්පත් කරගත් ඉහළම

ජීවන මට්ටම් හිමි,මිනිස් අයිතිවාසිකම්,ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භූක්තිවිඳින ලෝකයේ ධනවත්

සංවර්ධිත රටවල්වල වැසියන්ට සාපෙක්ෂකව තවමත් සංවර්ධන වෙමින් පවතින රටවල පවතින

ව්‍යවස්ථා,නීති රීති රාමුතුළ අන්තර්ගත මෙකලට කිසිසේත් නොගැලපෙන මරණීය දණ්ඩන බඳු

අතිශයන් ප්‍රාථමිකවූ ම්ලේච්ඡ දඬුවම් ක්‍රම යල්පිනූ දේවල්බවට පත් වෙමින් පවතියි. විද්‍යාව හා

තාක්ෂණය දියුණුවීම සමඟ එම නවීන දැනුම භාවිතා කිරීම තුළින් ලෝකයේ උද්ගතවන විවිධ

ගැටළුවලට පිළියම් සෙවීමට නූතන මානව පරම්පරාව පෙළඹී තිබේ. මේ යටතේ මානව උපත්

අනුපාතිකය ඉහළයාමද මරණ අනුපාතිකය පහළ යාමද දක්නට ලැබේ. දඬුවම් ක්‍රමද රළු

ම්ලේච්ඡත්වයේ සිට සියුම් ශිෂ්ටත්වය කරා පැමිණ තිබේ. යම් රටක ව්‍යවස්ථාව හා එම රටේ

නීතිරීති,දඬුවම් ක්‍රම නූතන යුගයට ගැලපෙන පරිදි ශිෂ්ට සම්මතවීම මේ අනුව කාලීන

අවශ්‍යතාවයකි. නමුදු ලෝකයේ ඇතැම් රටවල තවමත් මේ කාලයට නොගැලපෙන අශිෂ්ට ම්ලේච්ඡ

නීතීරීති හා දඬුවම් ක්‍රම තිබේ.නමුදු එම නීතිරීති හා දඬුවම්ක්‍රම ක්‍රියාත්මකවූවා කියා ඒ රටවල ද

තවම අපරාධ මුලුමනින්ම නතරවී නැත.එබඳු නීතිරීති හා දඬුවම් ක්‍රමවලින් ගැලවී අපරාධවල

යෙදීමට මෙන්ම අපරාධකොට අතිසූක්ෂම උපායමාර්ගලින් ගැලවීයාමට අපරාධකරුවෝ හුරුවී සිටිති.

කුඩාදරුවන් බිය කරන්නාක් සේ නීතීරීතිවලින් බියකොට කෙනෙකු වරදක් කිරීමට පෙළඹීම දුර්වල කළ

හැකි බව සත්‍යයකි.පුද්ගල ආකල්පවල ස්වභාවය මත එසේ කළහැකි පුද්ගල පිරිස සීමා සහිතය. ඇතැම්

පිරිස් යම් ක්‍රියාවක ප්‍රතිඵලය කෙතරම් බිහිසුණු වුවද අදාළ කාර්යය කිරීමට යොමු වෙති.වඩාත්

බිහිසුණු ප්‍රතිඵල ගෙනදීම ආදියෙන් බිය ගන්වා එබඳු පිරිස් දුර්මුඛ කරලිය නොහැකිය.මනුෂ්‍ය

ජීවිතය කෙරෙහි පුද්ගල ආකල්පවල ස්වභාවය අපරාධකිරීමට එබඳු පොළඹවාලිය හැකි ප්‍රබල

කරුණකි.සෙසු මනුෂ්‍ය ජීවිත පිළිබඳ පමණක් නොව සිය ජීවිත පැවැත්ම පවා තමන්ට වධයක් සේ

හඟින පාපතරයෝද මේ අතර සිටිති.ගරා වැටී කඩාකප්පල්වූ අඳුරු ජීවන පැවැත්මක් සහිත කිසිදු ආතක්

පාතක් නැති සේ ජීවත්වන පිරිස මීට අයත්ය.අනුන්ගේ ජීවිත වනසා දමා තමන්ගේ ජීවිතයද විනාශ

කරගන්නා සාහසික අපරාධකරුවන්,සිය දිවි නසාගන්නන්,විශාද මානසික රෝගීන්තුළ ස්වකීය ජීවිතය

විනාශකර ගැනීමේ ආශාව ඉතාම තදින් බලපවත්වයි.බුදු දහමේ විභව තණ්හාව නමින් මේ තත්වය

විග්‍රහ කර ඇත.මරණීය දඬුවම එබඳු පිරිස්වලට තවදුරටත් දඬුවමක් නොව නිරාදුක්විඳ පසුතැවෙමින්

දැනට ගෙවන මෙලොව ජීවිතය කෙටි කරගැනීම පිණිස ඔවුන්ට ලැබෙන ආශිර්වාදයකි. ඒ නිසා යම්

අපරාධකරුවෙකුට ලබා දිය හැකි හොඳම දඬුවම ජීවිතයේ ඉතිරි කාලසීමාව ස්වකීය වැරදි අපරාධ

පිළිබඳ පසුතැවිලිවෙලින් සිතින් හඬාවැටී නිරාදුක් විඳිමින් ඉන්නට සැලැස්වීමයි.ඕනෑම බරපතල මට්ටම්

වල අපරාධකරුවෙකු පුනරුත්ථාපනය කළ හැක්කේ එමඟින් පමණකි.අපරාධකරුවන් මරාදැමීමෙන්

පුනරුත්ථාපනයට අවකාශ නොසැලසේ.මරණ දඬුවම හැර මෙරට අධිකරණ ක්‍රියාවලියතුළ

විද්‍යමාන සෙසු දඬුවම්ක්‍රම සියල්ලේම පාහේ පුනරුත්ථාපනයට අවකාශ සැලසී තිබේ.දඬුවම

පුද්ගලයාට නොව වරදටයි. ඕනෑම පුද්ගලයෙකුට යළි නිවැරදිවීමට,පුනරුත්ථාපනයට ඉන් අවකාශ

සැලසේ.

මිනිසුන් නවසිය අනූනව දෙනෙකු මැරූ අංගුලිමාලහට එකල මරණදඬුවම ලබාදුනි නම් අර්හත්වයට

පත්වීමට අවකාශ නොලැබෙන්නට ඉඩ තිබිණ.පසේනදී කොසොල් රජු භට පිරිස් සහිතව ඇල්ලීමට

යාමටපෙර බුදුරදුන්ගේ කරුණාව ලැබීම නිසා අර්හත්වයට පත්වීමට අංගුලිමාල තෙරුණ්හට හැකියාව

ලැබිණ.මෙරට බෞද්ධ ජන සමාජයට අංගුලිමාල පිරිත ලැබුණේ උන්වහන්සේ සුමඟට පැමිණි නිසාය.

පැවිදිව ආකල්ප වෙනස් වීමෙන් පසු විලිරුදාවෙන් හඬන අහිංසක ස්ත්‍රියක දැක උන්වහන්සේගේ සිත

හුණුවූ පුවතතුළ දරුණු අපරාධකරුවෙකුගේ සිත්තුළ පවා දයාවේ බීජ යළි රෝපණය කළ හැකි බවට

සාධක පවතී. මෙකල බුදුරදුන් ජීවමානව නොවන නිසා පිහිට වියයුතු මට්ටම්වල වෙසෙන සමාජයෙන්

අපරාඅධකරුවන් යැයි හංවඩු ගැසී විවිධ දාමරිකකම්,අපරාධ සිදුකරන එබඳු පිරිස්හට කරුණාව ලබා

දීමට මෙන්ම පුනරුත්ථාපනයටද අවකාශ නොලැබී තිබේ.දූෂණ,අපයෝජන,අපචාර,මීනීමැරුම් සිදු

කරන්නේ රොබෝවරුන් නොවේ.පිටසක්වල ජීවීන් නොවේ.ඔවුන්ද මේ මානව සමාජය තුළ වෙසෙන

මිනිසුන්ය.ඔවුන්ටද දෙමව්පියන්,සහෝදර සහෝදරියන්,ඥාතීන් සිටිති.බිළිඳු වියේදී ලේකිරිකර පොවා

දුක්විඳ පෝෂණයකර කරදඬු උස්මහත් කරන්නේ සිය දරුවා අනාගතයේදී අපරාධකරුවෙකු කිරීමටද

නොවේ.යම් දරුවෙකුට බිළිඳු වියේදී සමාජය වෙතින් ලැබිය යුතු ආදරය,අනුකම්පාව,සමාජ පිළිගැනීම

නොලැබීයාම වැනිකරුණු මෙබඳු අපරාධකරුවන් බිහිවීම පිටුපස ඇතිඅඩු අවධානයට ලක්වන දෙයකි.

සමාජයේ අධ්‍යාපන ප්‍රවාහය හා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම වෙනස්වී ගොස්

තිබේ.අධ්‍යාපනය අද වන විට මුලුමනින්ම ඉලක්කගතවී ඇත්තේ ඉංග්‍රීසි හා විදේශීය භාෂා,විද්‍යා හා

තාක්ෂණ ඔස්සේය. මෙකල සෑම දෙනෙකුම පාහේ සිය දෛනික ජීවන පැවැත්ම තුළ නොනවතින

තරඟයක යෙදී සිටිති. සාරධර්ම පෝෂණයට,මානව සිත්හි දයාකරුණා තෙත් සහිත හැඟීම්

වර්ධනයට,සමූපාකාර පැවැත්මට, කිසිදු අනුබලයක් මෙරට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සැකැස්ම

තුළින් නොලැබේ.අනුක්‍රමයෙන් වැඩි වන ජනගහනයට සාපෙක්ෂකව සැපයිය යුතු වූ ඊට සාපෙක්ෂ

පුලුල් අධ්‍යාපන පහසුකම් සැපයීමට අසමත්වීම නිසා දැනට ඇති හිඟ සීමිත සම්පත් ප්‍රමාණයට

සරිලන පරිදි ඒ සඳහා සුදුසුකම් ලබන පිරිස හැකිතාක් අඩු කිරීමේ අටියෙන් පවත්වන පාසැල් විභාග

ක්‍රමය පාදකකර ගෙන අධ්‍යාපන ඉලක්ක හා ප්‍රතිපත්ති මෙරටතුළ සැකසී තිබේ.මේ

ක්‍රියාවළියතුළ දැනුම මිස ආකල්ප හා කුසලතා දරුවන් වෙතින් දුරස්කර දමා තිබේ.මෙරටේ සෑම

අංශයක්ම දේශපාලනීයකරණයවීම අඩුවැඩිලෙස සියලු දේ කෙරෙහි පටු ආකල්පයකින් කටයුතු කිරීමට

හේතුවක්වී තිබේ.මේ තත්වය ආගමික සංස්ථාවතුළ පවා විද්‍යමාන බව දැකගත හැකිය.අවම වශයෙන්

ආගමික හා අධ්‍යාපන අංශ කෙරෙහිවත් සැලකිලිමත්වීම අවශ්‍යය.

රටක නීතිය ශක්තිමත්වීමද අපරාධ මර්ධනයෙහිලා අත්‍යවශ්‍ය කාරණයකි.නීතිය සැමදෙනාටම

පොදු විය යුතුය.යම් පුද්ගලයෙකුගේ සමාජ තත්වය,ධනය,බලය ආදී බාහිර සාධක මත නීතිය

සාධාරණ සේ ඉටුනොවන සමාජ පරිසරයක්තුළ නීතිය හුදෙක් තමාට අවනත නොවන්නා දඩයම්

කිරීමේ මෙවලමක් පමණක් බවට පත්ව යනු ඇත.එබඳු තත්වයකට පත්කරන ලද නීතියකට සෑම

පුද්ගලයෙකුගේම පක්ෂ පාතී බව අපේක්ෂා කිරීමද අයෝග්‍යය.නමුදු නීතියකට පුද්ගල පක්ෂපාතීබව

තිබිය යුතුමය.නැතහොත් එම සමාජය පාලනය කළ නොහැකිය.සෑම දෙයක්ම සමබරවීමවීමට නම්

සෑම අංශයක් පිළිබඳව පවා අතිශය කල්පනාකාරී විය යුතුය.සමාජයේ සමබර යුක්තිගරුක

වටාපිටාවක් සැකසීමට නම් සාධරණය කෙරෙහි අවධානය දැක්විය යුතුය.ධාර්මික සමාජක්‍රමයක්

යළි මෙරට ස්ථාපිත කළහැක්කේ ඒ අයුරිනි. ධාර්මිකබව තුළ අසාහාසික නොවීමද කැපී

පෙනේ.කූට,වංචනිකබවතුළ අසාහාසිකබව රැඳී තිබේ.යම් කිසිවෙකුගේ ධාර්මිකබව නිවැරදි වීමට එය

අසාහසික නොවිය යුතුවීම වැදගත්ය.මේ න්‍යායය බුදුරදුන් ස්වකීය දේශනාතුළ පෙන්වා

දී තිබේ.නිවැරදි දේ බහුතර කැමැත්තතුළ යට නොයුතුබවත්,බහුතරය වැරද්දට නතුවුවද ඔවුන්සතුටු

නොකර නිවැරදි දේ කළයුතු බවත් විනය පිටකයෙහි දක්වා තිබේ.

කථිකාචාර්ය

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

Comments

Popular posts from this blog

මහා බලතගු වශී ගුරුකම්

sinhala tamil aluth avurudu litha 2018

මහා බලතගු වශී ගුරුකම්