Skip to main content

නූතන සමාජයේ දික්කසාදවීම් බහුල ඇයි ?

නූතන සමාජයේ දික්කසාදවීම් බහුල ඇයි ?

නූතන සමාජයෙහි බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිත ඉතාමත් ඛේදනීය තත්වයකට

වැටී ඇති ආකාරය ජන සන්නිවේදන මාධ්‍ය මඟින් දෛනිකව සන්නිවේදනය වන

පුවත් අනුව වටහාගත හැකිය. සමාජයේ විවෘත සේ ජීවත්වන බොහෝ දෙනෙකුගේ

පවුල් ජීවිත මේ වන විට යළිත් ගොඩගත නොහැකි ආකාරයට විනාශවී ඇති අයුරු

දකින විට බෞද්ධ ඉගැන්වීම්වල සඳහන්වන බොහෝ ධර්මකරුණු සිහියට

නැඟේ.නූතන සමාජය ඉතා දැඩි තරඟකාරීත්වයෙන් යුතුය.ඉවක් බවක් නොමැතිව

අධීවේගී තරඟයක නියැලෙනු විනා සතුටින් ජීවත්වන අය මේ සමාජයේ ඉතා

දුර්ලභය.මතුපිටින් සතුටින් සිටින අයුරු පෙන්වුවද සැබවින්ම බොහෝ දෙනෙකුගේ

ජීවිතවල ඇත්තේ මතුපිටින් පෙන්වන සරුවපිත්තල අලංකාරය නොවේ.ලෝකෙට

පේන්නට රටට අණබෙර ගසා ලෝකයාට ඒත්තු ගැන්වීම සඳහාම

කෝටි,මිලියන,ලක්ෂ ගණන් වියපැහැදම්කර පවත්වන මහාලොකු විවාහ

මංගලෝත්සව බොහෝමයකම අවසානය ඉතා ඛේදජනක ඉරණමකින් කෙළවර

කරගැනීමට තරම් නූතන දියුණු යැයි ප්‍රකාශ කරන අධිවේගී පාරිභෝගික සමාජය

අතිධාවනකාරී මට්ටමට පහළට ඇදවැටී තිබීම බෙහෙවින්ම අවාසනාවන්ත

කාරණයකි.බෞද්ධ අබෞද්ධ කිසිදු භේදයකින් තොරව මේ තත්වය විද්‍යමානය.

තමන්ගේ වත්පොහොසත්කම්වල,දැන උගත්කම්,සමාජ මට්ටම්වල ආකාරයට

ඇතැම්වට අනුන් පරයන සේ විවිධ පැකේජ් ක්‍රමවේදවලට අනුගතව විවාහ

මංගලෝත්සව සඳහා අතමිට දිගහැර වියදම් කිරීම නූතනයුගයේ තමන්ගේ

වත්පොහොසත්කම,සමාජ මට්ටම සමාජගත කරවිය හැකි එක්තරා විලාසිතාවක්

ලෙසට විකාශ වී තිබේ.මේ යටතේ ඇතිහැකි අය මෙන්ම නැතිබැරි අයද

මානබලන්නේ තමන්ට අතපෙවිය නොහැකි උසස්ම උපරිම මට්ටමකින්

තමන්ගේ,දුවගේ,පුතුගේ,ඥාතීන්ගේ විවාහ මංගලොත්සවය ජයටම

ගැනීමටය.නැතිබැරි පවුල්වල විදේශගතවී දුකසේ උපයාගන්නා තුට්ටු දෙක ස්වකීය

දුවගේ,පුතුගේ විවාහය පිණිස වැයකරදැමීමට උත්සුකවන මට්ටම දක්වාම

කාන්තාපක්ෂය අතර බහුලව මේ සමාජවිලාසිතාව පිළිකාවක් සේ ඔඩුදුවා තිබේ.

එක දිනක හෝ දෙකක කටයුත්තක් වෙනුවෙන් ලක්ෂගණනක මුදලක් වැයකර

විවාහමංගලෝත්සවය ජයට පවත්වා ඊට පසුදිනම විවාහය කටුගා දමනමට්ටමකට

ඊනියා ලාංකේය සමාජය මානසිකව පත්ව තිබීමද ඉතා කණගාටුදායකය.විවාහ

මංගලෝත්සව පැකේජ්ක්‍රමයට අධික වියදමක්දරා පැවැත්වීමට සාපේක්ෂකව එයින්

ජීවත්වන යැපෙන්නන් ප්‍රමාණයද අධිකවී තිබේ.එසේම මෙය බොහෝදෙනෙකුට

ලක්ෂ ගණන් මුදල් උපයන හොඳ ස්වයං රැකියා සපයන එක් ප්‍රධාන ක්ෂේත්‍රයක්

බවටද මේ වන පත්ව ඇතිබව නොරහසකි.එසේම ඊට සාපේක්ෂකව විවාහවී

පසුදිනම විවිධහේතුමත දික්කසාදවන්නන්ද බහුලවීම නිසා නීතිඥවරුන්ටද

දික්කසාද නඩුපිණිස නීතිකටයුතුවල නියැලී මුදල් ඉපයීමට පහසු මඟක් විවරවී

තිබේ.ඒ අතර මෙරට පාරම්පරික සමාජ සාරධර්මද වේගවත්ව වියැකීයමින්

තිබේ.අඹුසැමි දෙනෙකු අතර පැවතිය යුතු ආදරය,සෙනෙහස වෙනුවට ඒ තැන්වලට

මුදල,සමාජමට්ටම,පවුල් පසුබිම,කුලය,ගෝත්‍රය,ජාතිය,ආගම,දේශපාලනය ආදී දේ

ආදේශකරණ වීම වෙනම සමාජවිද්‍යාත්මකව හා මනෝවිද්‍යාත්මකව සාකච්ඡා කළයුතු

මාතෘකාවක් බවටද අද පත්ව තිබේ.

ලිංගිකත්වය පිළිබඳ නූතන පුද්ගල හා සමාජ ආකල්ප විකෘති,විෂම හැඩතල

ගෙනතිබීම ද විවාහ ජීවිත මෙබඳු ක්ෂණික දෙදරායෑම්වලට ඉවහල්වී තිබේ.මේවාට

විවිධ හේතුසාධකද තිබේ.ජෛව,රසායනික,ප්‍රවේණිගත හා ආකල්ප වැනි විවිධ

බලපෑම්ද මීට ඉවහල්ව ඇත.ගන්නා ආහාරපාන විකෘති විෂම රසායන ද්‍රව්‍ය

ඇතුලත් විවිධ රසකාරකවලින් පිලියෙළ කරතිබීම,ආශාවල්,ආකල්ප

ඉන්ද්‍රියප්‍රීණනය,දැඩි ආත්මාර්ථකාමීබව,විෂම ලෝභය වැනි මානසික හේතුසාධකද

මානව චර්යා විකෘති හැඩතල ගැනීමට ඉවහල්වේ.මේ හේතු අද ලිංගික ආශ්වාදය

ලැබීමට අදාළ මානව චර්යා සකස්කිරීමෙහිලා ප්‍රධාන සාධක බවට පත්ව

තිබේ.විවාහ සංස්ථාවට පරිබාහිරව ලිංගික ආශ්වාදය ලැබීමේ විවිධ

අසම්මතක්‍රමයන්ටද මෙකල මානවයා ඉතා තදින් යොමුව සිටිනබවට සාධක

සන්නිවේදන මාධ්‍යතුළ බහුලව දැකගතහැකිය.ඉතා නවීනසිරිත්විරිත් ලෙස අද

ලෝකයා අතර ව්‍යාප්තව යන ව්‍යාහිචාරය,කාමමිථ්‍යාචාරය බඳුදුසිරිත් නිසා ලාංකික

විවාහජීවිත ඉතා කෙටිකලක්තුළ බිඳවැටෙමින් පවතියි. විවාහජීවිතය නිරර්බුදව

ගතකිරීමට වඩා බවක්බවක් නොමැතිව කාමය පසුපස අතිධාවනකාරීව

ලුහුබැඳයාම නිසා දූදරු මාපිය සබඳතා පවා මෙකල අර්ථශූන්‍ය තත්වයකට පත්ව

තිබෙන ආකාරය අතිශය කණටුදායකය. අඹුසැමි සබඳතාව යහපත්ව පවත්වාගැනීම

විවාහජීවිතයේ නිරර්බුද පැවැත්මට අත්‍යවශ්‍යය.යහපත් අඹුසැමි සබඳතාවයක්

නිවැරදිව පවත්වාගන්නා ආකාරය පිළිබඳව බෞද්ධ ඉගැන්වීම්තුළ ඉතා සවිස්තරව

දක්වා ඇත.

බෞද්ධ ඉගැන්වීම්වල සැමියා හා බිරිඳ ගත කරන පවුල් ජීවිතය සතර ආකාරයකින්

විස්තර කර තිබේ.මින් පළමුවැන්න නම් මළකදක්, මළකදක් සමග වාසය

කිරීමයි.ඉන් අදහස්වනුයේ  පවුලක අඹු සැමි දෙදෙනා ම දුස්සීල නම් තද මසුරු අය

නම්, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අක්‍රෝෂ කරයි නම් එනම් ධර්මය ගැන නොතකයි

යන්නයි. එබදු එක්ව වෙසෙන අඹුසැමියන්ගේ ගුණය මළ බැවින් මළ අය හා සමාන

වන බවයි. දෙවන වාසය නම් මළකදක්, දෙව්දුවක් සමග වාසය කිරීමයි. ඉන්

අදහස්වන්නේ සැමියා දුස්සීල නම්, තද මසුරුව, ශ්‍රමණ බමුණයන්ට අක්‍රෝෂ කරද්දී,

බිරිඳ සිල්වත්ව, නිතර දාන මාන දෙන තැනැත්තියක් නම්, නොමසුරු නම් එය

මළකදක්, දෙව්දුවක් සමග වාසය කිරිමට සම බවයි. තෙවැනි වාසය නම් දෙවියෙක්,

මළකදක් සමග වාසය කිරීමයි.ඉන් කියවෙනුයේ බිරිද දුස්සීලව,තද මසුරුව,ශ්‍රමණ

බමුණයන්ට අක්‍රෝෂ කරද්දී,සැමියා සිල්වත් නම්, නිරතුරු දාන මාන දෙන

තැනැතතෙක් වන්නේනම්,එය මළ කදක්, දෙවියෙක් සමග වාසය කිරිමට සම බවයි.

සතර වෙනුව  දෙවියෙක් දෙව්දුවක් සමග  වාසය කිරීමයි. එහි අදහස අඹු සැමි

දෙදෙනාම සැදැහැවත් නම්, නිතර දානදෙනසුළු ස්වභාව ඇත්තේ නම්,ශීලයෙන් යුතු

වනනේ නම් දැහැමින් ජිවත් වන ඔවුහු ඔවුනොවුන් හා ප්‍රිය කථා ඇත්තෝ

වන්නේය.  ඔවුන්ට අර්ථයෝ ධනයෝ බොහො වෙත්, පහසුවෙන් විසිය හැකි වෙයි.

සමාන සිල් ඇති ඒ දෙදෙනාහට සතුරෝ නොවන්නෝය.නොසතුටු සිත් ඇත්තෝ

නොවන්නේය. ඔවුන් මෙලොව ධර්මයෙන් හැසිර මරණින්මතු නිදාපිබිදියාක් සේ

ඉසුරුමත්ව දෙව්ලොව උපදින බවද සදහන් වෙයි.

යහපත් පවුල් දිවියක් ගත කිරීමේ හැකියාව සැමියා මෙන්ම බිරිඳකගේ ඇවතුම්

පැවතුම් අනුව සිදුවන්නකි. වෘත්තිය,සමාජයීය,ආර්ථික,දේශපාලනික ආදී සෑම

අංශයකින් සමාජය ඉදිරියේ කෙතරම් බලවත් පිරිමියෙකු වුවද නිවසේදී

බලපවත්වනුයේ බිරිඳගේ ආධිපත්‍යයයි.පවුලක මතුපිටින් ගෘහ මූලිකයා පිරිමියා

ලෙස සඳහන් වුවද අභ්‍යන්තරයේ දී සෑම කටයුත්තක්ම සිදුවනුයේ බිරිඳගේ

කැමැත්ත පරිදි බව නොරහසකි.මේ තත්වය අද අඩුවැඩි වශයෙන් මෙරට සමාජයේ

සෑම අඹුසැමි දෙපළක් සම්බන්ධයෙන්ම වලංගු ප්‍රසිද්ධ රහසකි.මේ නිසා පවුලේ

නොනිල ප්‍රමුඛයා බිරිඳයි.මේ හේතුව නිසා බිරිඳකගේ කාර්යභාරය පවුලේ සමඟිය

මෙන්ම දියුණුව උදෙසාද ඉතා වැදගත්වේ.විවාහය සඳහා සුදුසු ස්ත්‍රියක

තෝරාගැනීමේදී දැනට සලකා බැලෙන විවිධ කරුණු කාරණවලට අමතරව

පහතසඳහන් බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව විමසාබැලීම කෙතරම් දුරට කාලීන

වශයෙන් වැදගත්දැයි පෙන්වා දිය හැකිය. ඒ අනුව විවාහවීම සඳහා උචිත මෙන්ම

අනුචිත සප්තවිධ ලක්ෂයන්ගෙන් යුත් විවිධ ස්ත්‍රීන් සමාජයේ වෙසෙන බව සප්ත

භරියා සූත්‍රයෙහි බුදු හිමියන් විසින් මැනවින් පෙන්වා දී තිබේ.

ඒ සුත්‍රයෙහි පරිදි දිනක් බුදුරදුන් අනාථපිණ්ඩික සිටාණන්ගේ සිටු මාලිගයට වැඩම

කරන ලදී. වෙනදාට නැති මහා ඝෝෂාවක් නිවස තුළින් ඇසෙයි. එසේ කොවුලන් සේ

ඝෝෂා කරන්නේ කවුරුන්දැයි සිටුවරයාගෙන් බුදුරදුන් විමසන ලදී. එයට පිළිතුරු

දෙන සිටුවරයා ස්වාමීනි, අප සමඟ වාසය කරන ලේලිය වන සුජාතාව මෙසේ

කෑකෝ ගසයි. ඈ පොහොසත් පවුලකින් මෙහි කැඳවාගෙන ආවෙමි. ඈ ඇගේ

නැන්දනියට හෝ මයිළණුවන් වන මට හෝ තම ස්වාමි පුරුෂයාට හෝ අවනත

නොවෙයි. දඩබ්බරය. යටහත් පහත් බවක් මට හෝ තම ස්වාමි පුරුෂයාට හෝ

අවනත නොවෙයි. දඩබ්බරය, යටහත් පහත් බවක් නොදක්වයි.අකීකරුය. එහෙත්

ඇය ඔබ වහන්සේට මහත් ගෞරව කරන්නීය. ඔබවහන්සේ කියන දේකට පමණක්

ඇහුන්කන් දෙන්නීය. පිළිගන්නීය, යනුවෙන් ඇය පිළිබඳ දක්වා සිටියේය. ඇය තමා

හමුවට කැඳවන ලෙස බුදුරදුන් දන්වා සිටියහ. ඇය ඉතා කීකරුව උන්වහන්සේ

හමුවට පැමිණ වැඳ නමස්කාර කොට සංසුන්ව එකත්පසෙක වැඩ හුන්හ. ඇය

අමතන උන්වහන්සේ විවාහ ජීවිත ගත කරන බිරින්දෑවරුන් හත් දෙනෙක් පිළිබඳව

කරුණු ගෙනහැර දක්වයි. ඒ අනුව ඇතැම් බිරින්දෑවරු ස්වාමියාට අනුකම්පා

විරහිතය. මනසින් නිතරම දූෂිතය. හැම විටම තම ස්වාමියාට අවමන් කරයි. අන්

පුරුෂයින්ගේ ඇසුර පි‍්‍රය කරයි. ඇය මුදලට ලොල්ය. මුදලට ගත හැකිය. ස්වාමියා

නසා හෝ තම සිතැඟි ඉටු කර ගනියි. මින් පළමු වර්ගය නපුරු වූ සැමියාට

හිතවත් නොවු දයාව නැත්තා වූ අන්‍ය පුරුෂයන්ට ඇලුම් කරන්නා වූ සැමියාට වධ

කිරීමට උත්සාහ කරන්නා වූ භාර්යාව වධක භාර්යා නම් වේ. දෙවනුව සැමියා

විසින් වෙහෙස වී සපයන්නා වූ වස්තුවෙන් කොටසක් සඟවා ගන්නා වූ භාර්යාව

චෞරි සම හෙයින් චෞර භාර්යාව නම් වේ. එසේම ගෙදර වැඩකිරීමට නොකැමති

වූ අලස වූ බොහෝ අනුභව කරන්නා වූ කෘර වූ නපුරු වචන කියන්නා වූහිමියා

යටත් කරගෙන සිටින්නා වූ භාර්යාව ආර්ය සම භාර්යා නම් වන තෙවන වර්ගයයි.

සැමියාට හිතවත් වූ අනුකම්පාව ඇත්තා වූ දරුවන් රක්නා මවක් මෙන් සිය සැමියා

රකත්නා වූ හිමියා සපයන ධනය පරිස්සම් කරන්නා වූ භාර්යාව මාතෘසම භාර්යා

නම් වු සතරවන වර්ගයයි. නැගනියක සේ සැමියාට ගරු කරන ලජ්ජාව ඇති,

සැමියාට කීකරු වූ භාර්යාව භගිනියම භාර්යා නම් වූ පස්වන වර්ගයයි. බොහෝ

කලකින් නුදුටු යහළුවකු දැක සතුටු වන්නා වූ යෙහෙළියක මෙන් හිමියා දැක සතුටු

වන්නා වූ කුලවත් වූ සිල්වත් වූ පතිව්‍රතා ඇත්තා වු, භාර්යාව සඛීසම භාර්යා නම්

වූ සවැනි වර්ගයයි. හිමියාගේ තර්ජනවලට නොකිපෙන්නා වු හිමියාගේ වරද

ඉවසන්නා වූ හිමියාට කීකරුව වාසය කරන්නා වූ භාර්යාව දාසි සම භාර්යාව නම්

වූ සත්වන වර්ගය වන බවත් බුදු හිමියන් වදාළහ. මෙකී දේශනාව අවසානයේ දී

සුජාතාවගේ තදපරුෂ ස්වභාවය පහව ගොස් ඒ සිටු පවුලේ සතුට සමාදානය යළිත්

ඇති විය.

සප්ත භාර්ය සූත්‍රයෙහි ඇසුරු නොකළයුතු භාර්යාවන් තිදෙනා හා ඇසුරු කළ යුතු

භාර්යාවන් සතර දෙනා දක්වා ඇත්තේ මේ අයුරිනි. “යාවීධ භරියා වධකානි වුච්චති-

චෞරි ච අය්‍යාති ච යා පවුච්චති-දුස්සීල රූපා ඵරුසා අනාදරා - කායස්ස භේදා

තිරයං වජන්නති තා”(දුස්සීල වූ, නපුරු වූ හිමියාට අනදර කරන්නා වූ වධක

කථිකාචාර්ය

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

භාර්යාවය. චෞරි භාර්යාවය. ආර්‍ය්‍ය¸ භාර්‍ය්‍යාවය යයි කියනු ලබන භාර්යාවන්

මරණින් මතු නරකයට යන බව මෙයින් ප්‍රකාශිතය.)"යාවීධ මාතා භගිනි සඛී ච -

දාසි ච භරියාති ච යා පවුච්චති -සීලේ ඨිතත්තා චිරරත්ත සංවුතා -කායස්ස භේදා

සුගතිං වජන්ති තා”(සීලයේ පිහිටි මාතා භාර්යාව, භගිනී භාර්යාව, සඛී භාර්යාව,

දාසි භාර්යාව යනු මොවුහු මරණින් මතු සුගති ගාමි වන බව මෙයින්

ප්‍රකාශිතය.)මෙකී කාරණාවන් මනාව අවබෝධ කොට ගෙන ක්‍රියාත්මක වන පවුල්

ජීවිත ඉතාමත් සාර්ථක මට්ටමකට පවත්වාගෙන යා හැකිය. පවුල් ජීවිත අවුල්

වීමේ මූලිකම කාරණා වන්නේ නිසි අවබෝධය නොමැති වීමයි. ස්ත්‍රිය මෙන්ම

පුරුෂයාටද මෙහිදී වැදගත් කාර්ය රැසක් පැවරී ඇත. තම ස්වාමිය දියණිය පිළිබඳ

ආදරයෙන් ඉහත කී කරුණු මනාව ඉටු කරමින් ක්‍රියා කොට ආදර්ශමත් චරිත ලෙස

මෙලොව පරලොව දියුණුව සලසා ගැනීම බෞද්ධ ක්‍රම වේදයයි.

Comments

Popular posts from this blog

මහා බලතගු වශී ගුරුකම්

sinhala tamil aluth avurudu litha 2018

මහා බලතගු වශී ගුරුකම්