නූතන සමාජයේ දික්කසාදවීම් බහුල ඇයි ? නූතන සමාජයෙහි බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිත ඉතාමත් ඛේදනීය තත්වයකට වැටී ඇති ආකාරය ජන සන්නිවේදන මාධ්‍ය මඟින් දෛනිකව සන්නිවේදනය වන පුවත් අනුව වටහාගත හැකිය. සමාජයේ විවෘත සේ ජීවත්වන බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිත මේ වන විට යළිත් ගොඩගත නොහැකි ආකාරයට විනාශවී ඇති අයුරු දකින විට බෞද්ධ ඉගැන්වීම්වල සඳහන්වන බොහෝ ධර්මකරුණු සිහියට නැඟේ.නූතන සමාජය ඉතා දැඩි තරඟකාරීත්වයෙන් යුතුය.ඉවක් බවක් නොමැතිව අධීවේගී තරඟයක නියැලෙනු විනා සතුටින් ජීවත්වන අය මේ සමාජයේ ඉතා දුර්ලභය.මතුපිටින් සතුටින් සිටින අයුරු පෙන්වුවද සැබවින්ම බොහෝ දෙනෙකුගේ ජීවිතවල ඇත්තේ මතුපිටින් පෙන්වන සරුවපිත්තල අලංකාරය නොවේ.ලෝකෙට පේන්නට රටට අණබෙර ගසා ලෝකයාට ඒත්තු ගැන්වීම සඳහාම කෝටි,මිලියන,ලක්ෂ ගණන් වියපැහැදම්කර පවත්වන මහාලොකු විවාහ මංගලෝත්සව බොහෝමයකම අවසානය ඉතා ඛේදජනක ඉරණමකින් කෙළවර කරගැනීමට තරම් නූතන දියුණු යැයි ප්‍රකාශ කරන අධිවේගී පාරිභෝගික සමාජය අතිධාවනකාරී මට්ටමට පහළට ඇදවැටී තිබීම බෙහෙවින්ම අවාසනාවන්ත කාරණයකි.බෞද්ධ අබෞද්ධ කිසිදු භේදයකින් තොරව මේ තත්වය විද්‍යමානය. තමන්ගේ වත්පොහොසත්කම්වල,දැන උගත්කම්,සමාජ මට්ටම්වල ආකාරය...
Comments
Post a Comment