Skip to main content
නිවැරදි බුදු දහම අද විග්‍රහ

වේද? වර්තමානයේ බුදු දහම පිළිබඳව බොහෝ දෙනෙක් ප්‍රමාණ රහිතව දොඩමළු වෙති. අවංක අභිලාෂය පෙරටු කරගෙන මෙන්ම කූට වංචනික පරමාර්ථ ඇතිව ද මෙසේ කරන අය සිටිති. යමෙකුට බුදු දහම ස්වකීය සිත සංවර කර ගැනීමට උචිත යහපත් සදාචාර දර්ශනයක් සපයන පිළිවෙතකි. තවත් අයෙකුට එය ධන උල්පතකි. හොඳ සන්නිවේදනය උපායමාර්ගයකි. කළමනාකරණ ක්‍රමවේදයකි. පාලකයෙකු හට සූක්ෂමව මිනිසුන් අවනත කරගන්නා වූ පරිපාලන උපක්‍රමයකි. පන්සල, ආරණ්‍ය සේනාසනය කරා මහජනතාව ආකර්ශණය කරගත හැකි සාධාරණ යුක්තිසහගත මෙවලමකි. බුදු දහම පුද්ගල අවශ්‍යතාව මත විවිධ අයුරින් විවිධ අය සංජානනය කරගනු ලබන බව මේ අනුව පෙනී යයි. බුදුරදුන් ජීවමාන කාලයේ දී බුදු බණ අසන සැදැහැතියන්ගේ මුදල් පසුම්බි සොරකම් කිරීමේ චේතනාව සහිතව බුදුරදුන් ධර්මදෙශනා කරන ස්ථානයට ගොස් ඒ ධර්මදේශනාව අසා සෝවාන්මාර්ගඵලයට පත්ව තමා තුළ මුලින් පැවති සොරකම් කිරීමේ අදහස මුලුමනින්ම අත්හැර දමා යහපත් හා ධාර්මික වූ පුද්ගලයන් පිලිබඳව ත්‍රිපිටක බුද්ධ දේශනාව තුළ සඳහන් වේ.

බුදු දහම වෙතට ළංවන චේතනාව කවරාකාර වුවද කුමන මට්ටමේ වුවද අවංකව ධර්මය වෙත නැඹුරු වන්නේ නම් එහි ගැබ්වන අමෘත සිසිලස ඒ විවිධාකාර මට්ටමේ වූ පුද්ගලයන්ට පවා ලැබිය හැකි බව මේ අනුව පෙනී යයි. මුලින් අසත්පුරුෂයෙකුව සිටි අයෙකු වුවද තමන්ගේ වරද වටහාගෙන පසුව යළි නිවැරදි විය හැක්කේ ඒ පුද්ගලයා අවංක නම් පමණකි.

කපටි යටි අදහස් ඇති අයෙකුට කෙදිනකවත් නිවන බඳු අතිගම්භීර උසස් ධර්මයක් ප්‍රතිවේධ කළ නොහැකිය. කපටි උගතාට වඩා අවංක නූගත් ශ්‍රද්ධාවන්තයෙකුට පහසුවෙන් නිවන් අවබෝධ කරගත හැකිවන්නේ මේ නිසාය. දැනුමෙන් මොළය පුරවා ගැනීම ඇතැම් අවස්ථාවලදී නිවන් අවබෝධයට මේ නිසා බාධාකාරී විය හැකිය. මාර්ගඵල අවබෝධය ඇති වන්නේ කෙළෙස් ගිනි නිවී හදවත නිවුණු සිසිල් වූ විටය.බුද්ධිය,දැනුම එය උපකාරී වනු මිස නිවන් අවබෝධය හුදෙක් අභ්‍යන්තර මොළ ව්‍යුහයේ පමණක් ඇතිවන වෙනසක් නොවේ. ඒ පිළිබඳව බොහෝ දෙනෙකු ඇති කර ගෙන ඇත්තේ වැරදි අවබෝධයකි. විවිධ කෛරාටිකම්වලින් සමාජයේ බොහෝ දෙනෙකු රවටනසුළු පැවැත්මක් සහිත අයට වඩා පහසුවෙන් ඔවුන්ගේ කපටිකම් නිසා නිරතුරු පීඩාවට පත් අවංක, අහිංසක, ප්‍රතිපත්තිගරුක අයට මාර්ගඵල අවබෝධ කරගත හැකිය.

බුදු දහම පිළිබඳව නිවැරදිව දැන ගැනීමට නම් කිසියම් කාලසීමාවක් වැය කර පළමුවෙන් එය ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. උඩින් පල්ලෙන් කිසිවෙකුගේ අදහසක් මත එල්ලී කිසිවක් විචාර පූර්වකව නොසිතා තමන්ගේ සිතට එන හැඟීම් අනුව අත්තනෝමතිය නිවැරදි යැයි සිතීම වැරදිය. නමුත් අද බොහෝ දෙනෙකු දැන හොඳ නොදැන කරන්නේ ද එයමය. බුදු දහම තමන් දන්නවා යැයි සිතාගෙන ඒ පිළිබඳව තවෙකෙකු හා විවිධ තර්කවාදවල පැටලී කාලය නාස්ති කිරීමටද සමහරු කටයුතු කරති. මෙබඳු අය සිතනුයේ බුදු දහම ඉගෙනීම ඉතා පහසු සරළ දෙයක් යැයි කියාය. නමුත් ඒ අදහස වැරදිය.

මෙසේ සිතන්න වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකුවීම පසෙක තබන්න. අඩුම තරමින් මේසන් බාස් කෙනෙකු හෝ සාර්ථක වඩු බාස් කෙනෙකු වීමට හෝ එබඳු ඕනෑම වෘත්තිකයෙකුවීමට අදාළ විෂය පිළිබඳව ප්‍රමාණික අධ්‍යයනයක් කළ යුතුය. මේසන් වැඩ හැර වෙනත් ඕනෑම විෂය ක්ෂේත්‍රයක් පිළිබඳව හසළ දැනුමක් ඇති අයෙකුට සිමෙන්ති භාවිතා කර ගඩොල් තබා ඇද නැතුව හරි කෙළින් බිත්තියක් බැඳ ගැනීමට නොහැකිය. සිවිල් ඉංජිනේරු ශිල්පය පිළිබඳව උපාධිධාරියෙකුට වුවද හරි කෙළින් බිත්තියක් බැඳිය නොහැකිය. එසේම මේසන් බාස්වරයෙකුට සිවිල් ඉංජිනේරුවෙකුට වඩා හොඳින් බිත්ති බැඳිය හැකි වුව ද ඔහුට සිවිල් ඉංජිනේරුවරුන් කරන්නාක් පරිදි විශාල ගොඩනැඟිලි අතිශය නිවැරදි ගණනය කිරීම් සහිතව සැලසුම් කළ නොහැකිය.

එකිනෙකාගේ වෘත්තීය දැනුම, අවබෝධය, කුසලතාව වැනි දේවල් සඳහා ගරු කිරීමක් සෑම දෙනෙකු තුළම ඇතිවිය යුතු වන්නේ සමාජයීය කාර්යභාරයන් සාර්ථකව ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය වන්නාවූ සමූපාකාර පැවැත්මේ වටිනාකම නිසාය. බුදු දහම පිළිබඳව එකිනෙකා තුළ ඇති අවබෝධය ද අඩුවැඩි වශයෙන් ඉහත නිදසුනෙහි විස්තර කරන ලද ආකාරයට ඇති විය හැකිය. සමහරුන්ට බුදු දහම පිළිබඳ ඇත්තේ භාවනා වැඩීම තුළින් ඇති කර ගත් දැනුමකි. අවබෝධයකි. තවත් කෙනෙකුට සාමාන්‍ය පෙළ උසස් පෙළ මට්ටමේ හෝ දහම් පාසැල් අවසාන ධර්මාචාර්ය මට්ටමේ දැනුමක් හෝ විශ්වවිද්‍යාල ප්‍රථම හෝ පශ්චාත් උපාධි මට්ටමේ දැනුමක් තිබිය හැකිය. ඒ අතර තවත් අයෙකු සහතික දැනුම කවරාකාර වුව ද ඒ පුද්ගලයාගේ චර්යාව, ආකල්ප හා සදාචාරාත්මක මට්ටම පහළ මට්ටමක තිබිය හැකිය. බුදු දහම පිළිබඳව වුවමනාවට වඩා අති සූක්ෂම මට්ටමින් දාර්ශනිකව හෝ තාර්කිකව සාකච්ඡාවට බසින පුද්ගලයා හැම විට ම ප්‍රතිපත්තිගරුක අයෙකු නොවිය හැකිය.එසේම විචාර පූර්වක නොවී සම්ප්‍රදායට වහල්ව සිතමින් ද කිසි දිනෙක සත්‍ය අවබෝධය ලැබිය නොහැකිය.

ගිහි හෝ පැවිදි බව පිළිබඳව ද ඇත්තේ නිවන කරා යන වේගයෙහි වෙනස මිස අරමුණෙහි වෙනසක් නොවේ. ගිහියාගේ මෙන්ම පැවිද්දාගේ ද අරමුණ නිවන ශාක්ෂා කර ගැනීමයි. ඒ සඳහා ප්‍රතිපත්තියේ ද වෙනසක් නැත. දෙපක්ෂයම අනුගමනය කරනුයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පැවිද්දා හංසයාගේ ගමන මෙන් සරළ සැහැල්ලු පැවතුම් සහිතව චාම්ව හා වේගවත්ව නිවනට ළඟා වෙද්දී ගිහියා පුහු අඩම්බරකාර මොණරෙකු මෙන් සෙමින් ගමනක නිරත වන බව ඒ පිළිබඳව දක්වා ඇති සාම්ප්‍රදායික අර්ථකථනවල සඳහන්ය. සත්‍යාවබෝධය පිණිස වඩා වැදගත් වනුයේ පුද්ගල මනස ක්‍රියාකරන හැඩය හා ස්වරූපයයි. යම් පුද්ගලයෙකුගේ ගිහි හා පැවිදි බව බාහිර හැඩයට අයත්ය. ධර්මාවබෝධය ලැබීම සඳහා අවශ්‍ය වනුයේ පුද්ගල මනස නම් අභ්‍යන්තර හැඩයයි. මෙලොව පුද්ගල විවිධතා පහසුවෙන් ගිණිය නොහැකිය. අමු අඹ මෙන් බාහිර හැඩයෙන් යුතු නමුදු ඉඳුනු අඹ ඇතිවාක් මෙන්ම ඉඳුනු අඹ මෙන්ම බාහිර හැඩයෙන් යුතු අමු අඹ ද තිබේ. එසේම බාහිර හා අභ්‍යන්තර හැඩතල දෙකින්ම සමාන අමු හා ඉඳුනු අඹ ද තිබේ.

මේ තත්වය පුද්ගල ක්‍රියාකාරීත්වයට බුදුරදුන් උපමා කර ඇත. ඊට සමානව බාහිර හැඩය ගිහි හෝ පැවිදි වුව ද දැඩි අවශ්‍යතාව හා කැපවීම තිබෙන්නේ නම් ගිහි පැවිදි භේදයකින් තොරව නිවන කරා ගමන් කරන වේගය වර්ධනය කරගත හැකි බව ද පැවසිය හැකිය. නමුත් මෙහි දක්වා ඇති කරුණ වැරදි අංශයෙන් තේරුම්ගෙන ගිහි පැවිදිබව ලඝුකර සැලකීම ද වැරදිය. බුදුරදුන් ජීවමාන කාලයේදී ගිහි බවේ සිටම උතුම් අර්හත්වයට, අනාගාමී, සකෘදාගාමී හා සෝවාන් ආදී මාර්ගඵලවලට පත් වූ අය සිටි බව පෙන්වා දිය හැකිය. සත්‍යාවබෝධය ලබනුයේ පුද්ගල මනසයි. බාහිර කවරය නොවේ. මෙය වර්තමානයේ වැඩි දෙනෙකු පටලවාගන්නා තැනකි. කවරය කහ පාටට හෝ සුදෝ සුදු පාටට පෙනුනු පමණින් ඒ පුද්ගලයා උසස් සිල්වතෙකු බවට සමහරු වරදවා වටහා ගනිති. ප්‍රතිපත්තිගරුක බව මිනිස් සමාජය වෙතින් දුරස් වන්නට වූ ප්‍රමාණයට බාහිර කවරයට ඔවුහු වන්දනාමාන කරන ස්වභාවය අධික වෙති. සමාජය ප්‍රතිපත්තිගරුක බවෙන් ඈත්වීමේ ප්‍රමාණය මැන ගැනීමේ මිණුම් දඬුවක් ලෙස ද බාහිර ඔපයට කරන පුද සත්කාරවල ස්වභාවය සැලකිය හැකිය. ගිහියන්ට විදර්ශනා භාවනා වැඩීම සුදුසුදැයි යනුවෙන් තර්කග්‍රාහීවෙමින් කාලය විනාශ කර දැමීමට වඩා ඒ වෙනුවෙන් විනාශ කරන කාලය භාවනා වැඩීම පිණිස යෙදවූයේ නම් එය මහත් වැඩදායකය. බුද්ධ කාලයේ දී නම් ගිහි පැවිදි නොව ස්ත්‍රී පුරුෂ භේදයක්ද නැතිව හිස් ගිනිගත්තවුන් විලස විදර්ශනා භාවනා වඩා බොහෝ පිරිස් මාර්ගඵල අවබෝධය ලැබූහ. බුදුරදුන්ද ඒ සඳහා ප්‍රතිපෝෂණය ලබාදී ඇති ආකාරය ධම්මපද ගාථාවල දැකගත හැකිය.

යමෙකු මාර්ගඵල අවබෝධයේදී ලබන සිතේ සංසිඳීම වචනවලින් විස්තර කළ නොහැකිය. උගතෙකු හට වචනවලින් බුදු දහම විග්‍රහ කළ හැකිය. නමුදු මාර්ගඵල අවබෝධයේදී ඇතිවන සැනසීම වචනයට නඟා තවත් අයෙකුට පැහැදිලි කළ නොහැකිය. එය ගොළුවෙකු දකින සිහිනයක් හා සමානය. නමුදු ඒ උපමාව වුවද අධානග්‍රාහීව ගැනීමෙන් විග්‍රහකිරීමට අවශ්‍ය කරුණ තව තවත් විකෘතිවී යයි. ඒ වචනවල ස්වභාවයයි. කොතෙක් විස්තර කළද වචනවලින් දැක්විය හැක්කේ දළ අදහසක් පමණි.අති සූක්ෂතම ගැඹුරු මනෝභාවයන් වචනවලින් එලෙසම විස්තර කළ නොහැකිය.එසේ කිරීමට ගන්නා උත්සාහය තුළ දීම ඒ සියුම් අදහස තව තවත් විකෘතිවී යයි. නිතරම වචනවලින් ලබාදෙන්නේ එහි නියම ස්වභාව නොව අනුන් වචනවලට ලබාදී ඇති අර්ථයයි. නමුත් යමෙකු විදර්ශනා භාවනාව වඩා මාර්ගඵල තනිව අවබෝධ කිරීමේ දී වචනවලින් වියුක්ත ස්වයං ප්‍රත්‍යක්ෂතුළින් ලැබෙන නිවැරදි අවබෝධය ලබයි.එය කෙසේවත් වචන භාවිතය තුළින් තවත් අයෙකුට ලබාදිය නොහැකිය.

මඳක් හෝ විදර්ශනා භාවනා කළ පුද්ගලයෙකු හැටියට විදර්ශනා භාවනා

අභ්‍යාස කිරීමේදී පුරුදුපුහුණු කරනුයේ විඳීම අත්හැරීම යැයි ප්‍රකාශ කළ

හැකිය.නමුදු ස්වයං ප්‍රත්‍යක්ෂයක් ප්‍රකාශ කිරීමේ දී මෙකල ඒ සඳහා භාවිතයේ

පැවති වචන අතරින් හොඳම වචනය ලෙස දැනුනු විඳීම යන්න මෙහිදී භාවිතා

කර තිබේ. නමුත් විඳීම යන්න මා භාවිතා කළ අර්ථයට වඩා වෙනස්ව එය

අසන බොහෝ දෙනෙකු වටහා ගනු ඇත.නමුත් ඒ අය විඳීම යන්න

වටහාගන්නේ මා භාවිතා කළ අර්ථයට වඩා හාත්පසින්ම වෙනස් වූ

අර්ථයකිනි. එසේකොට මා පැවසූ විඳීම යන්න වැරදි බව පවසමින් මා සමඟ

වාදවිවාදවලට එළඹිය හැකිය. නමුත් එය මා භාවිතා කරනු ලද්දේ ඔවුන්

එයට ලබාදුන් අර්ථය පිණිස නොව ස්වයංප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ලෙස බව

ඔවුන්ට කිසිසේත් වටහාදීම අසීරුය. කෙනෙකුට භාවනා අවබෝධයක් ප්‍රකාශ

කළ නොහැක්කේ මේ නිසාය. බුද්ධ වචනය විග්‍රහ කිරීමේ දී එසේ සිදු කිරීම

වරදක් බව සාම්ප්‍රදායික අර්ථකථනවල සඳහන්ය. මන්ද සම්මා

සම්බුදුවරයෙකුගේ ප්‍රඥා බලය සෙසු ශ්‍රාවක රහතන්වහන්සේ හට වුවද නැත.

බුද්ධ වචනය විග්‍රහකිරීමේ දී බුදුරදුන් මෙසේ ප්‍රකාශ කර තිබේ යනුවෙන්

කථිකාචාර්ය

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

මිසක එය මෙසේ විය යුතුයැයි තමන්ගේ මතයට අනුව ධර්මය විග්‍රහ කිරිම

බලවත් වරදකි. යම් තැනක තමන්ගේ අදහස දැක්විය යුතු නම් එය

නොසඟවා මේ පිළිබඳ බුදුන් වහන්සේගේ මෙසේ ප්‍රකාශ කර ඇත.මෙය මට

මෙසේ යැයි වැටහේ යැයි තමන්ගේ අදහස දැක්විය හැකිය. එසේ සිදු

නොකොට තමන්ගේ අදහස් බුදුන්ගේ අදහස් ලෙසට හුවා දැක්වීම විශාල

වරදකි. සමහරු මේ වරද නොදැන සිදු කරන අතර තවත් අය දැන ද ආමිෂ

ලාභයෙන් සිදු කරති.අද ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත ජන සන්නිවේදන මාධ්‍යවල

බුදු දහම විග්‍රහ කරන ගිහි පැවිදි මෙබඳු ආකල්ප ඇති පිරිස් බහුලව දැකගත

හැකිය. ධර්මයෙහි නියම ස්වරූපය මහජනතාව අතර සන්නිවේදනය කරවීම

සඳහා නිවැරදි ප්‍රතිපත්තිගරුක අයගේ අවශ්‍යතාව මේ නිසා වඩාත් ඉස්මතුවීම

නොවැළැක්විය හැකිය.

Comments

Popular posts from this blog

sinhala tamil aluth avurudu litha 2018

නූතන සමාජයේ දික්කසාදවීම් බහුල ඇයි ?

නූතන සමාජයේ දික්කසාදවීම් බහුල ඇයි ? නූතන සමාජයෙහි බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිත ඉතාමත් ඛේදනීය තත්වයකට වැටී ඇති ආකාරය ජන සන්නිවේදන මාධ්‍ය මඟින් දෛනිකව සන්නිවේදනය වන පුවත් අනුව වටහාගත හැකිය. සමාජයේ විවෘත සේ ජීවත්වන බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිත මේ වන විට යළිත් ගොඩගත නොහැකි ආකාරයට විනාශවී ඇති අයුරු දකින විට බෞද්ධ ඉගැන්වීම්වල සඳහන්වන බොහෝ ධර්මකරුණු සිහියට නැඟේ.නූතන සමාජය ඉතා දැඩි තරඟකාරීත්වයෙන් යුතුය.ඉවක් බවක් නොමැතිව අධීවේගී තරඟයක නියැලෙනු විනා සතුටින් ජීවත්වන අය මේ සමාජයේ ඉතා දුර්ලභය.මතුපිටින් සතුටින් සිටින අයුරු පෙන්වුවද සැබවින්ම බොහෝ දෙනෙකුගේ ජීවිතවල ඇත්තේ මතුපිටින් පෙන්වන සරුවපිත්තල අලංකාරය නොවේ.ලෝකෙට පේන්නට රටට අණබෙර ගසා ලෝකයාට ඒත්තු ගැන්වීම සඳහාම කෝටි,මිලියන,ලක්ෂ ගණන් වියපැහැදම්කර පවත්වන මහාලොකු විවාහ මංගලෝත්සව බොහෝමයකම අවසානය ඉතා ඛේදජනක ඉරණමකින් කෙළවර කරගැනීමට තරම් නූතන දියුණු යැයි ප්‍රකාශ කරන අධිවේගී පාරිභෝගික සමාජය අතිධාවනකාරී මට්ටමට පහළට ඇදවැටී තිබීම බෙහෙවින්ම අවාසනාවන්ත කාරණයකි.බෞද්ධ අබෞද්ධ කිසිදු භේදයකින් තොරව මේ තත්වය විද්‍යමානය. තමන්ගේ වත්පොහොසත්කම්වල,දැන උගත්කම්,සමාජ මට්ටම්වල ආකාරය...

කාලීන බණ හා අකාලික දහම

 කාලීන බණ හා අකාලික දහම නියම බණට වඩා අමුතු බණ දෙසන ගිහි,පැවිද්දන් නූතන සමාජයතුළ සුබලය.ඇතැම් බණ විහිළුතහළු නරනාටක සිහිගන්වයි.උතුම් බුදුබණ එකකි.කාලීන බණ තවෙකකි.උතුම් බුදුබණ අකාලිකය.කාලික බණ එබැවින් උතුම්බුදු බණ නොවේ.බුදුරදුන් අකාලික දහමක් දේශනාකළා මිසක කාලික දහමක් අප අසා ඇති ලෙසට දේශනා කර නොමැති බැවිනි.යහමින් මුදල් ලැබේ නම් බුදුරදුන් විකුණාගෙනකෑමට වුවද ඇතැම් පැවිද්දන් නොපැකිලෙනබව මෙබඳු වාණිජ කාලීන බණ යහමින් විකිණීමතුළින් පැහැදිලි වේ.එක පැවිද්දෙක් බුදුන් උපන්බිම මේ ශ්‍රී ලංකාවබවට පොතක් ප්‍රකාශකරවීය.මුලදී එයද උණුකැවුම් විලස විකිණින.නමුදු පසුව එම පොතේ අන්තර්ගත සාවද්‍යකරුණු නිසා එය තහනම් විය.නමුදු සමාජ ගතවූ වැරදි කරුණු  බුදුදහම පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති ඇතැම් අය තවමත් විශ්වාස කරති.  මෙකල බොහෝ දෙනෙකු තුළ නිවැරදි ධර්මබෝධයක් නැත.බොහෝ අය ධර්මාවබෝධය සේ වටහා ගෙනඇත්තේ මතුපිට ඔපයයි.චාම්,අල්පේච්ඡ,සරළබවතුළ ධර්මාවබෝධයේ ගැඹුරුහරය ගැබ්ව තිබේ. නූතනයේදී වඩාත් සරුවපිත්තල වාණිජකරණයට යටවූ ජනජීවිතයතුළ ඉහතකී ගුණදම් වේගවත් සේ පළායමින් තිබේ.තමන් ගතකරන එදිනෙදා දිවිපෙවෙත හැකිතාක් සරළ,චාම් කරග...