ෂරියා නීතිය හා බුදු දහම දැනට සමාජයේ බහුලව කතාබහ වන දෙයක් නම් මැදපෙරදිග රටවල ක්‍රියාත්මක වන ෂරියා නීතියයි. ෂරියා නීතිය අනුව මැදපෙරදිග සේවය යන මෙරට ගෘහ සේවික සේවිකාවන්හට බිහිසුණු දඩුවම්වලට මුහුණ පෑමට සිදුවීම පිලිබඳව මෙරට සාමාන්‍ය ජන සමාජයතුළ කතිකාවතක් ඇති වී තිබේ. විවිධ අවස්ථාවලදී මෙරටින් මැදපෙරදිග සේවය සඳහා යන ශ්‍රී ලාංකික පුරවැසියන්හට පමණක් නොව සෙසු රටවල්වල ජනයාහට ද මැදපෙරදිග රටවලදී මෙසේ අති දරුණු ම්ලේච්ඡ දඬුවම් ක්‍රමවලට මුහුණපෑමට සිදුවී ඇත. මේ හේතුව නිසාම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ලෝකයේ බොහෝ රටවල ජනතාව අතර මැදපෙරදිග ඉස්ලාම් ආගම පවතින රටවල ඇති ඉස්ලාමීය ආගමික නීති මූලධර්ම මත පදනම්ව සකස් වූ ෂරියා නීතියේ ම්ලේචඡත්වය පිළිබඳව වත්මන් යුගය තුළ බහුලව සාකච්ඡාවට ලක්වී ඇත.ඉස්ලාම් නීතිය සම්පූර්ණ වශයෙන්ම පදනම් ව ඇත්තේ ඉස්ලාම් ධර්මය මතය.එම සමස්ත නීතිය ශුද්ධ වූ කුරාන් ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇති බව ඉස්ලාම් නීතියේ මූලික පිළිගැනීමයි. ක්‍රි.ව. 06 වැනි සියවසේ අවසාන භාගයේ අරාබි අධිරාජ්‍යයේ මක්කමදී උපත ලැබූ ශුද්ධවූ නබිතුමා මඟින් අල්ලාහ් දෙවියන් විසින් හෙළිදරව්කළ ඉස්ලාම් ආගමික නියම ග්‍රන්ථාරූඪ කිරීමෙන් කුරානය...