Skip to main content

Posts

Showing posts from April, 2017

කාලීන බණ හා අකාලික දහම

 කාලීන බණ හා අකාලික දහම නියම බණට වඩා අමුතු බණ දෙසන ගිහි,පැවිද්දන් නූතන සමාජයතුළ සුබලය.ඇතැම් බණ විහිළුතහළු නරනාටක සිහිගන්වයි.උතුම් බුදුබණ එකකි.කාලීන බණ තවෙකකි.උතුම් බුදුබණ අකාලිකය.කාලික බණ එබැවින් උතුම්බුදු බණ නොවේ.බුදුරදුන් අකාලික දහමක් දේශනාකළා මිසක කාලික දහමක් අප අසා ඇති ලෙසට දේශනා කර නොමැති බැවිනි.යහමින් මුදල් ලැබේ නම් බුදුරදුන් විකුණාගෙනකෑමට වුවද ඇතැම් පැවිද්දන් නොපැකිලෙනබව මෙබඳු වාණිජ කාලීන බණ යහමින් විකිණීමතුළින් පැහැදිලි වේ.එක පැවිද්දෙක් බුදුන් උපන්බිම මේ ශ්‍රී ලංකාවබවට පොතක් ප්‍රකාශකරවීය.මුලදී එයද උණුකැවුම් විලස විකිණින.නමුදු පසුව එම පොතේ අන්තර්ගත සාවද්‍යකරුණු නිසා එය තහනම් විය.නමුදු සමාජ ගතවූ වැරදි කරුණු  බුදුදහම පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති ඇතැම් අය තවමත් විශ්වාස කරති.  මෙකල බොහෝ දෙනෙකු තුළ නිවැරදි ධර්මබෝධයක් නැත.බොහෝ අය ධර්මාවබෝධය සේ වටහා ගෙනඇත්තේ මතුපිට ඔපයයි.චාම්,අල්පේච්ඡ,සරළබවතුළ ධර්මාවබෝධයේ ගැඹුරුහරය ගැබ්ව තිබේ. නූතනයේදී වඩාත් සරුවපිත්තල වාණිජකරණයට යටවූ ජනජීවිතයතුළ ඉහතකී ගුණදම් වේගවත් සේ පළායමින් තිබේ.තමන් ගතකරන එදිනෙදා දිවිපෙවෙත හැකිතාක් සරළ,චාම් කරගැනීම වෙනුවට තව

හස්තියා, භික්ෂුව හා නූතන සමාජ අභියෝග

හස්තියා, භික්ෂුව හා නූතන සමාජ අභියෝග අද හස්තියා පිළිබඳව බෞද්ධ ගිහි හා පැවිදි ජන සමාජය අතර කිසියම් කතිකාවතක් ඇති වී තිබේ. එය ඇති වී තිබෙනුයේ හස්තීන් ළඟ තබා ගැනීම සම්බන්ධව භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීම හා සිරගත කර තබා ගැනීම පිළිබඳවය. සත්ව අහිංසාව යටතේ මේ ආකාරයට නීත්‍යානූකූලව කටයුතු කළ යුතු බවට එක් සමාජ මතයක් වන අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලාහට මේ අයුරින් නීත්‍යානූකූලව කටයුතු කිරීම බෞද්ධ රටක් වන අපට නොගැලපෙන බවට තවත් සමාජ මතයක් ද වේ.අද මෙරට ක්‍රියාත්මක වනුයේ රෝම ලන්දේසි නීති ක්‍රමයයි. වෙනත් අයුරකින් කිවහොත් මෙරට නිදහස ලැබීමට ප්‍රථම මෙරට වාසයකළ පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය යුගවල දී මෙරටට හඳුන්වාදෙනු ලැබූ නීතියයි. ඇතැම් අය මෙය සුද්දාගේ නීතිය යනුවෙන් හැඳින්වීමට පවා පෙළඹී ඇත්තේ රෝම ලන්දේසි නීතිරීති ව්‍යවස්ථා මාලාවේ විද්‍යමාන විදේශික පදනම නිසාය. දෙවියන්වහන්සේ හැමවිටම නිවැරදි වන අතර උන්වහන්සේ මිනිසා ඇතුළු සමස්ත ජීව ප්‍රජාවම ව්‍යස්ථාවකට අනුව පාලනය කරන බව පදනම් කර ගනිමින් මෙම රෝම ලන්දේසි නීතිය බිහිව තිබේ.විනිසුරු මෙහි තීරකයා විනිශ්චය ලබා දෙන්නා වන අතර දෙවියන්වහන්සේගේ තීරණය පිළිගැනීමට සියලු

ෂරියා නීතිය හා බුදු දහම

ෂරියා නීතිය හා බුදු දහම දැනට සමාජයේ බහුලව කතාබහ වන දෙයක් නම් මැදපෙරදිග රටවල ක්‍රියාත්මක වන ෂරියා නීතියයි. ෂරියා නීතිය අනුව මැදපෙරදිග සේවය යන මෙරට ගෘහ සේවික සේවිකාවන්හට බිහිසුණු දඩුවම්වලට මුහුණ පෑමට සිදුවීම පිලිබඳව මෙරට සාමාන්‍ය ජන සමාජයතුළ කතිකාවතක් ඇති වී තිබේ. විවිධ අවස්ථාවලදී මෙරටින් මැදපෙරදිග සේවය සඳහා යන ශ්‍රී ලාංකික පුරවැසියන්හට පමණක් නොව සෙසු රටවල්වල ජනයාහට ද මැදපෙරදිග රටවලදී මෙසේ අති දරුණු ම්ලේච්ඡ දඬුවම් ක්‍රමවලට මුහුණපෑමට සිදුවී ඇත. මේ හේතුව නිසාම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ලෝකයේ බොහෝ රටවල ජනතාව අතර මැදපෙරදිග ඉස්ලාම් ආගම පවතින රටවල ඇති ඉස්ලාමීය ආගමික නීති මූලධර්ම මත පදනම්ව සකස් වූ ෂරියා නීතියේ ම්ලේචඡත්වය පිළිබඳව වත්මන් යුගය තුළ බහුලව සාකච්ඡාවට ලක්වී ඇත.ඉස්ලාම් නීතිය සම්පූර්ණ වශයෙන්ම පදනම් ව ඇත්තේ ඉස්ලාම් ධර්මය මතය.එම සමස්ත නීතිය ශුද්ධ වූ කුරාන් ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇති බව ඉස්ලාම් නීතියේ මූලික පිළිගැනීමයි. ක්‍රි.ව. 06 වැනි සියවසේ අවසාන භාගයේ අරාබි අධිරාජ්‍යයේ මක්කමදී උපත ලැබූ ශුද්ධවූ නබිතුමා මඟින් අල්ලාහ් දෙවියන් විසින් හෙළිදරව්කළ ඉස්ලාම් ආගමික නියම ග්‍රන්ථාරූඪ කිරීමෙන් කුරානය

යහ පාලනයක නිවැරදි බදු පිළිවෙත පිළිබඳ බෞද්ධ ආකල්පය

යහ පාලනයක නිවැරදි බදු පිළිවෙත පිළිබඳ බෞද්ධ ආකල්පය සුපුරුදු පරිදි අයවැය ද ඉදිරිපත් විය.ඒ පිළිබඳ විවිධ පිරිස් අතර සාකච්ඡාවක් ඇති වී තිබේ.ඇතිහැකි අයගෙන් බදු අයකර නැතිබැරි අයට සහන ලබාදිය යුතු යැයි ප්‍රචලිත සමාජ අදහස පිළිබඳ බෞද්ධ ආකල්පය කුමක්ද? රටක ධනවත් පිරිස ස්වල්පයක් වන අතර නැතිබැරි පිරිස විශාලය.නැතිබැරි පිරිස විශාල නිසා ඔවුන්ගෙන් එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍ය සඳහා අයකරන කුඩා බද්දෙන් පවා විශාල ආදායමක් රජයකට එකතුවන නමුදු ධනවත් කුඩා පිරිසකට විශාල අයබදු සහන ලබාදුන්නද ඉන් රජයකට විශාල පිරිවැයක් දැරීමට සිදු නොවේ. මේ නිසා සුපුරුදු පරිදි සිදුවන්නේ බහුතර සාමාන්‍ය මහජනතාවගේ දෛනික පාරිභෝගික ද්‍රව්‍යවලට වැඩි බදු බරක් පටවා ධනපති සුළුතරයට සහනසැලසීමවුවද මෙවර ඉන් බැහැරව නිවැරදි පිළිවෙතකට අනුව කටයුතු කිරීමතුළ ධාර්මිකබවේ අවදානමක් ගෙන ඇතිබව වැඩි දෙනෙකුගේ මතයයි.බෞද්ධ ඉගැන්වීම් අනුව අයබදු අයකර ගැනීම පිළිබඳව පවතින නිර්දේශ කවරේද? බුදුදහමේ පෙන්වන නිවැරදි ආර්ථික දර්ශනයක් සහිත වඩාත් උචිත යහපාලනය කුමක්ද? බුදු දහම ඉදිරිපත් කරන රාජ්‍ය පාලන ක‍්‍රමවේදය වූ කලි මිනිසුන් නො නසමින්, නොනස්මින්, ශෝක නොකරමින්,නොකරවමින් ගොඩනගන අ

ගබ්සාව සදාචාරාත්මක ද?

ගබ්සාව සදාචාරාත්මක ද? ස්ත්‍රී දුෂණය, අපයෝජනයට, අපචාරයට, අතවරයට ලක්වූ කාන්තාවන් දෙස අප සමාජය බලන ආකාරයේ බොහෝ ගැටළු තිබේ. කෙතෙක් විද්‍යාව හා තාක්ෂණය දියුණුවුවද තවමත් අපේ සමාජය අති සාම්ප්‍රදායිකය. එබඳු අවාසනාවන්ත සිදුවීමකදී බොහෝ විට ස්ත්‍රියටම වරද පටවන අවස්ථා දක්නට ඇත. පිරිසක් (බොහෝ විට පුරුෂ පක්ෂය) එවැනි තරුණියන්ගේ අසරණ භාවයෙන් අයුතු ප්‍රයෝජන ගන්නට ප්‍රයත්න දරති. තවත් පිරිසක් (බොහෝ විට කාන්තා පක්ෂය)අර දූෂණයවූ තරුණිය පහත්කොට තමන් උසස් වීමට (අත්තුක්කංසන පාරවම්භන) වෙර දරති.රෝම ලන්දේසි නීතිය ඉදිරියේදීද ඇය උපහාසයට ලක්වෙයි.බොහෝ විට වැරදි කරුවන්ට ප්‍රමාණවත් දඩුවම්ද නොලැබෙයි. මේවා වහ වහා නිවැරදි විය යුතු කාරණාය. බොහෝ විට දූෂණයට ලක් වූ තරුණියක් හෝ විවාහයට පෙර ගැබ් ගත් තරුණියක් ගබ්සාවට පෙළඹෙන්නේ සමාජයේ ගැරහුම් නිසාය. එයින් ප්‍රශ්නය තවත් උග්‍ර වෙයි. ඉපදීමට පසු දරුවන් මරා දමන කාන්තාවන්ද දක්නට ඇත. අඩුම වශයෙන් එවැනි දරුවන් මරා නොදමා වෙනත් කෙනෙකුට හදාවඩා ගැනීමට දීමට හෝ පෙළඹවීමක්, යාන්ත්‍රණයක් අවශ්‍ය වෙයි. සමාජයේ පිළිගැනීම ගෞරවය සහ ආරක්ෂාව මෙවැනි කාන්තාවන්ට ලැබීම අත්‍යවශ්‍ය වෙයි. ඒ පිළිබඳ සිතිය යුතුය.මේ

බුදුරදුන් මස් මාංශ වැළඳුවේ ද?

බුදුරදුන් මස් මාංශ වැළඳුවේ ද? අද මාංශ ආහාරන අනුභවය පිළිබඳව නොයෙකුත් අයුරින් පැවිදි හා ගිහි බෞද්ධයන්ට චෝදනා කරන අය සිටිති. ඔවුන් එසේ කරනුයේ එය බෞද්ධයන්ට අකැප දෙයකැයි යන වැරදි මතයක පිහිටාය. නමුත් බුදුරදුන් පවා වැළඳු බවට සුත්‍ර පිටකයේ හා විනය පිටකයේ විවිධ ස්ථානවල සඳහන් බව ඔවුහු නොදනිති.ඒ අවස්ථා ලෙස අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රය, මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය, සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රය, මහාවග්ගපාලි භේසඡ්ඡඛන්ධකයේ සීහ සේනාපති කතා පුවත, පාරාජිකපාලි චීවරපටිග්ගහන ශික්ෂා පදය, දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් චුන්දකර්මාර පුත්‍රයාගේ සුකරමද්දව දානය ආදිය පෙන්වා දිය හැකිය. මෙම අවස්ථා බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සාක්ෂි සපයයි. මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රයේ සඳහන් කතා පුවත මෙසේය. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ජීවක වෛද්‍යවරයාගේ අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි ජීවක උපාසක තුමා (වෛද්‍යවරයා) බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේය. “ස්වාමීනි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ උදෙසා සතුන් මරන බවත්, ඔබ වහන්සේ එම මස් දැන දැන වළඳන බවටත් මා විසින් අසන ලදී. “සුතං මේතං භන්තේ සමනං ගොතමං ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති

නූතන සමාජයේ දික්කසාදවීම් බහුල ඇයි ?

නූතන සමාජයේ දික්කසාදවීම් බහුල ඇයි ? නූතන සමාජයෙහි බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිත ඉතාමත් ඛේදනීය තත්වයකට වැටී ඇති ආකාරය ජන සන්නිවේදන මාධ්‍ය මඟින් දෛනිකව සන්නිවේදනය වන පුවත් අනුව වටහාගත හැකිය. සමාජයේ විවෘත සේ ජීවත්වන බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිත මේ වන විට යළිත් ගොඩගත නොහැකි ආකාරයට විනාශවී ඇති අයුරු දකින විට බෞද්ධ ඉගැන්වීම්වල සඳහන්වන බොහෝ ධර්මකරුණු සිහියට නැඟේ.නූතන සමාජය ඉතා දැඩි තරඟකාරීත්වයෙන් යුතුය.ඉවක් බවක් නොමැතිව අධීවේගී තරඟයක නියැලෙනු විනා සතුටින් ජීවත්වන අය මේ සමාජයේ ඉතා දුර්ලභය.මතුපිටින් සතුටින් සිටින අයුරු පෙන්වුවද සැබවින්ම බොහෝ දෙනෙකුගේ ජීවිතවල ඇත්තේ මතුපිටින් පෙන්වන සරුවපිත්තල අලංකාරය නොවේ.ලෝකෙට පේන්නට රටට අණබෙර ගසා ලෝකයාට ඒත්තු ගැන්වීම සඳහාම කෝටි,මිලියන,ලක්ෂ ගණන් වියපැහැදම්කර පවත්වන මහාලොකු විවාහ මංගලෝත්සව බොහෝමයකම අවසානය ඉතා ඛේදජනක ඉරණමකින් කෙළවර කරගැනීමට තරම් නූතන දියුණු යැයි ප්‍රකාශ කරන අධිවේගී පාරිභෝගික සමාජය අතිධාවනකාරී මට්ටමට පහළට ඇදවැටී තිබීම බෙහෙවින්ම අවාසනාවන්ත කාරණයකි.බෞද්ධ අබෞද්ධ කිසිදු භේදයකින් තොරව මේ තත්වය විද්‍යමානය. තමන්ගේ වත්පොහොසත්කම්වල,දැන උගත්කම්,සමාජ මට්ටම්වල ආකාරය

රාජ්‍ය පාලනය පිලිබඳ බෞද්ධ ඉගැන්වීම්

රාජ්‍ය පාලනය පිලිබඳ බෞද්ධ ඉගැන්වීම් මානවසමාජය අද බෙහෙවින් විකාරරූපී හා විකෘති හැඩතල ගෙන තිබේ.මේ ප්‍රකාශය සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම වලංගු වේ.සමාජයේ මේ විකෘතිභාවය නිසා වඩාත් අසහනයට පත්ව තිබෙනුයේ සිය වෘත්තීය,අධ්‍යාපන,සේවා සුදුසුකම් මත භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා ශ්‍රම දායකත්වය සැපයීමට සිටින විවිධ සමාජ ස්ථරවලට අයත් ශ්‍රමිකයන්ය.දේශපාලන,සමාජ,ආර්ථික බලය හා පවුල්පසුබිම ආදී අයථා බලපෑම් හමුවේ සුදුස්සා කපා පළවා හැර ඒ වෙනුවට නුසුදුස්සා ඒ තැන්වලට රිංගාගැනීම නුතන සමාජයේ දක්නට ලැබෙන විශාල සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබේ. සමාජ දේහයේ ඉතා පුළුල් පරාසයක විද්‍යමාන වන මෙම විකෘතිභාවය අද වනවිට මුළු මහත් සමාජය පුරාම පිළිකාවක් පරිද්දෙන් ව්‍යාප්ත වී තිබේ.මෙයට පිළියම්කිරීම අසීරුවී ඇත්තේ එය සම්පූර්ණ සමාජයම වෙලාගෙන ක්‍රියාත්මක වන බැවිනි.යම්කිසි සමාජයක නරක හොඳ යටපත් කරගෙන ඉස්මතුවි ඇත්නම් හොඳට වඩා ඇත්තේ නරක නම් ඒ සමාජය යළිත් හොඳබවට පරිවර්තනයකිරීමට වඩා පහසුවෙන් ඉතිරිවී ඇති හොඳ ඉවත් කර දමා ඒ වෙනුවට සම්පූර්ණ නරක සමාජයක් බවට පත්කළ හැකිය.අද වන විට සමස්ත සමාජයෙන් 95% කටත් වඩා නරක ඇත.හොඳ ඇත්තේ 5% කටත් වඩාස්වල්පයකි.එබැවි

පිරිහී ඇත්තේ සමාජය ද අප ද ?

පිරිහී ඇත්තේ සමාජය ද අප ද ? යම්කිසි කාලසීමාවක් යන විට මිනිසා ගුණධර්මවලින් පිරිහි යන බව තථාගතයන්වහන්සේ විසින් දේශනා කර තිබේ. එය කලියුග කාලය නම් වේ. මේ උදා වෙමින් පවතින්නේ එම පිරිහීමේ කාලසීමාව බව වර්තමාන යුගයේ මිනිස් ක්‍රියාකාරකම් අනුව පැහැදිලි වේ. මානව චර්යා මනුෂ්‍යත්ව සභ්‍යත්වයට නොගැලපෙන ලෙස සිත්සතන් අන්ත දූෂිත දැඩි ආත්මාර්ථකාමී, පටු, ලෝභී,පටිඝ හා කාමුක ආකල්ප හා චේතනාවලින් පිරි ඉතිරි යමින් පවතියි. තාක්ෂණය හා විද්‍යාව කෙතරම් දුරට දියුණු වුවද එම දියුණුව පවතින්නේ හුදෙක් මතුපිට භෞතික ස්ථරයතුළ පමණකි. මානවයා සිත්සතන්වලින් ක්‍රමිකව වර්තමානය තුළ වනචාරී ගෝත්‍රික යුගයට ඇදී යමින් පවතියි. දියුණුවනවා යන්නෙහි සැබෑ අර්ථය විය යුත්තේ භෞතිකව හා අධ්‍යාත්මික යන අංශ දෙකින්ම එක හා සමානව සංවර්ධනයවීමයි. නමුදු නූතන යුගයෙහි එය හුදෙක් භෞතික දියුණුව පමණක් දක්වා අතිශයින්ම පටුව හා ලඝුව තිබේ. සියලු අහිතකර මානසික ආකල්ප හා චේතනා වර්ධනයවීමට ආත්මාර්ථකාමීත්වය ප්‍රධාන හේතුවයි.ඒ ආත්මාර්ථකාමී ආකල්ප හා චේතනා නිසා ස්වකීය ආත්මලාභය කෙරෙහි පමණක් යොමුවූ මානසික මට්ටමකින් අන්‍යයන් සමඟ කටයුතුකිරීමට යොමුවීම ක්‍රෝධ හා කාමුක චර්යාවන්ට

මරණ දඬුවම දිය යුතු ද?

මරණ දඬුවම දිය යුතු ද? වැරදියට වටහා ගැනීම යන කරුණ අද මෙරට තුළ බොහෝ පිරිස්තුළ දක්නට ලැබෙන දුබලතාවයකි. මේ හේතුව නිසා කියන දේ, කරන දේ හැම විටකදීම ඒ පුද්ගලයා කරන කියන අර්ථයෙන් නොව ඊට හාත්පසින්ම වෙනස් අර්ථයකින් වටහා ගැනීමට බොහෝ පිරිස් යොමු වී සිටිති. අද සමාජයතුළ දිස්වන බොහෝ ආවේගකාරී සිදුවීම්වලට අඩුවැඩි වශයෙන් හේතු වී ඇත්තේ මේ කරුණයි.කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව දැඩි ලෙස කෝප වී ආවේගශීලී වී කායිකව, වාචසිකව ප්‍රතික්‍රියා දැක්වීමට පවා පෙළඹෙනුයේ මෙවැනි වාතාවරණයක් තුළදීය. මූලික සිදුවීම ඉතා සුලු සිදුවීමක් විය හැකිය. සමහර විට සමාජය හෝ සෙසු පුද්ගලයන් කෙරෙහි එහි බලපෑම ඉතාම අවම විය හැකිය. නමුත් වරදවා වටහා ගැනීම තුළ විශාල අහිතකර ප්‍රතිඵලයක් ඇති විය හැකි වන ලෙස ආවේගශීලි ප්‍රතිචාර දැක්වීම ව්‍යාප්ත වී යයි. කෙනෙකු කරන කතාබහට මැනවින් සවන් යොමුකළ ඒ පුද්ගලයා කියන්නේ කුමක්දැයි පළමු වටහා ගැනීම වැදගත්ය. එසේම යමෙකු කරන ක්‍රියාව දෙස මතුපිටින් නොව චේතනාව අනුව විග්‍රහකර දැකීමට උත්සුකවීම ද වැදගත්ය. අපට පරචිත්ත විජානන ඥානය නැති නිසා කෙනෙකුගේ චේතනාව නිසි අයුරින් දැකිය නොහැකි බව ඇත්තකි. නමුත් කෙනෙකුගේ චේතනාවේ ස්වරූ